1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

ලුම්බිණිය

ලුම්බිණිය (සංස්කෘතलुम्बिनी, "මනහර") යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලෙවට බිහිකල ස්ථානයයි. නේපාලයේ රුපන්ඩේශිලා දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.[1] ගෞතම බුදුන් වහන්සේ කි.පු.563 සිට 483 කාලය තුළ ජීවත්ව සිටිසේක. ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බෞද්ධයින්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි ලුම්බිනිය ඉතිරි ස්ථාන කුශිනාරාව (කුශිනගර්) බුද්ධගයාව සහ සරානාත් වේ.
හිමාලය කඳු වැටිය පාමුල ලුම්බිණිය පිහිටා ඇත්තේය. සිද්ධාර්ථ කුමරුන් අවුරුදු 29 දක්වා හැදුනේ වැඩුනේ මෙම ප්‍රදේශයෙහිය. කපිලවස්තු නගර සභා ප්‍රදේශයේ සිට කි.මි.25 ක් නැගෙනහිර දෙසින් මෙම ප්‍රදේශය පිහිටියේය. “කපිලවස්තු” යනු මෙම ප්‍රදේශයේ නම වූවා සේම යාබද දිස්ත්‍රික්කයේද නමයි. මයා දේවී විහාරය ඇතුලු බොහෝ විහාර ගණනාවක් මෙහි වෙයි. මෙයින් බොහොමයක් වර්තමානයේ (2007) ප්‍රතිසංස්කරණය වෙමින් පවති. පුෂ්කරණි පොකුණ සහ කපිල වස්තු මාළිගයේ නටබුන්ද ලුම්බිණියෙහි දක්නට ලැබේ. බෞද්ධ පුරාවෘතයන්ට අනුව මේ අසල වෙනත් බුදුවරු ඉපදුනු ස්ථානද තිබේ.
භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේ සැම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කලයුතු පුජනීයවූ භුමි හතරක් පිළිබඳව පරිනිර්වාණ සුත්‍රයෙහි අනුදැන වදාරා ඇත.

බුදුන් දවස ලුම්බිණිය

ප්‍රධාන ප්‍රදේශ හතර
ලුමුබිණි
බුද්ධගයා
සාරානාත්
කුෂිනගර්
අතිරේක ප්‍රදේශ හතර
ශ්‍රාවස්ති
රාජ්ගිර්
සංඛස්ස
වෛශාලි
වෙනත් ස්ථාන
පැට්නා-ගයා
කොසම්බි-මථුරා
කපිල වස්තු-දේවදහ
කේසරියා-පාව
නාලන්දා-වාරානසි
පසු කාලීන ප්‍රදේශ
සාන්චි
රත්නගිරි
එල්ලෝරා
අජන්තා
භාර්රුත්
බුදුන් දවස ලුම්බිනිය, කපිල වස්තු සහ දේවදහ අතර පිහිටි උයනකි. බුදුන් උපත ලද්දේ මෙම ස්ථානයේය. අශෝක රජු ලුම්බිනිය දැක බලා ගැනීමට පැමිනිම සිහිවීම පිණිස තබන ලද කුලුණක් දැනට දක්නට ලැබේ. එහි සලකුණු කරන ලද විස්තර අනුව ලුම්බිනි උයන භාරව සිටි එකල ජනයා විසින් අශෝක රජුගේ පැමිණිම සහ පුද පඬුරු දීම සිහිවීම පිණිස එම කුලුණ පිහිටුවා තිබේ. භගවන්පුරට සැතපුම් දෙකක් උතුරෙන් පිහිටි මෙම උයන ඊට කලින් හඳුන්වා තිබුනේ රුමින්දෙයි යනුවෙනි.

බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවට