1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවට

ගෙනගිය සංවාදය නිමා කළ මායාදේවි විහාරයේ කැණීම

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූයේ පුරාණ කාලයේ දඹදිව හෙවත් ජම්බුද්වීපයේය. බුද්ධ කාලයේදී සොළොස්‌ මහා ජනපද තිබුණේ ද එම ජම්බුද්වීපයේය. පුරාණ කාලයේ ඒ මහා රට මහා භාරතය යන නාමයෙන් ද හඳුන්වන ලදී. අසෝක රජ වූ කාලයේදී (ක්‍රි. පූ. 273-232) ඒ රටට මෙකල ඉන්දියාව, පකිස්‌තානය , නේපාලය සහ ඇµaගනිස්‌ථානය ද අයත් බවට කදිම සාක්‍ෂියක්‌ වන්නේ ඉහතින් සඳහන් කළ මේ හැම රටකම අසෝක රජතුමා විසින් ලියවන ලද ශිලා ලේඛන හමු වී ඇති හෙයිනි. අසෝක රජුගේ සමස්‌ත ශිලා ලේඛන සංඛ්‍යාව 200 ට ආසන්නය. පිහිටි ගලේ (පර්වතවල) මෙන් ශිලා ටැම්වලද (අතළොස්‌සක්‌) ශිලා ලේඛන ලියා ඇත. ඒ අතළොස්‌ස අතරේ අනුස්‌මරණ ස්‌තම්භ ලෙසින් සැලකෙන ස්‌ථානවල අද ඉතා සුරක්‍ෂිත ඇති ස්‌ථම්භය විශාලා මහනුවර (වෛශාලියේ) හා ලෝරියන්නන්ද නගර් අදත් දැකිය හැකිය. සිංහයකුගේ මූර්තියක්‌ ඒ ස්‌තම්භය මත නෙලා තිබේ. ලුම්බිණි පුද බිමෙහිද අසෝක රජතුමා විසින් එතුමාගේ 20 වැනි රාජවර්ෂයේදී පිහිටුවන ලද ස්‌තම්භයක්‌ 1896 දී හමුවී ඇත. ඒ ස්‌ථම්භයේ වෛශාලියේ ස්‌ථම්භයට වඩා වෙනසක්‌ දක්‌නට ලැබේ. එනම් බ්‍රාහ්මී අක්‍ෂරවලින් එම ශිලා ලේඛනය ලියා තිබීමයි. ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවසේදී සිද්ධාර්ථ කුමාරයා ඉපදුනායින් පසුව මෙම පුද බිමෙහි මෙකල අප හඳුන්වන පුරාවිද්‍යාත්මක සාක්‍ෂිය (ඉතා පුqරාණතම) වන්නේ මෙම අසෝක රජුගේ රුම්මින්දෙයි (ලුම්බිණි) ටැම් ලිපියයි.

ඩර්හැම් විශ්විවද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අධිපති මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා සහ නේපාලයේ පශුපති ප්‍රදේශයේ සංවර්ධන භාරයේ පුරාවිද්‍යාඥ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන දෙදෙනාගේ මූලිකත්වයෙන් 2013 නොවැම්බර් මස අග භාගයේදී කැණීමෙන් හමුවූ පුරාවිද්‍යා දත්තයන් හමුවීම ද ලුම්බිණි සල් උයනේම තිබුණු මහාමායා විහාර පරිශ්‍රයේ 2011 සිට කරන ලද උත්සාහයට අයත් කැණීම් මාලාවේ නිශ්චිත වූද ඉතා වැදගත් වූද කාලච්ඡේදය සහිත කැනීමයි.

මේ කැණීම සඳහා ද මහාමායා දේවි විහාර පරිශ්‍රයම කැණීමට උපකාරී වූයේ අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹ මෙන්ම ඊට පසුව මෙම පුදබිමට ක්‍රි. ව. 5 වැනි සියවසේදී පැමිණි චීන භික්‍ෂූන් වහන්සේ නමක්‌වූ පාහියන් හිමියන්ද ක්‍රි. ව. 7 වැනි සියවසේදී මේ පුදබිමට පැමිණ තවත් චීන ජාතික භික්‍ෂුන් වහන්සේ නමක්‌ වූ හියුංෂාං හිමියන්ගේ ද වාර්තා අනුවය. ඒ දෙදෙනාම මායාදේවි විහාරයත් අසෝක රජු විසින් පිහිටුවන ලද ටැම්ලිපිය ගැනත් සඳහන් කර ඇත.

රොබින් කොනිංහැම් මහාචාර්යවරයා ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්‌ඩායම 2011 සිට මෙම කාර්යයෙහි නිරත වී ඇත. මීට ඉහත දී ද මෙම ලුම්බිණි සල් උයනේ පුරාවිද්‍යා කැණීම් 1977-78 දී නේපාල පුරාවිද්‍යාඥයන් විසින් සිදු කර ඇතත් මායාදේවි විහාර පරිශ්‍රයෙහි මෙවන් වූ පුරාවිද්‍යා පර්යේෂණාත්මක කැණීමක්‌ සිදු කරන ලද්දේ මේ අවස්‌ථාවේදීය.

මෙම කැණීමේ ප්‍රතිඵල දැන් සමස්‌ත ලෝකවාසී ජනතාවම ඉතා හොඳින් දන්නා කරුණකි. ලංකාවේද සියලුම මාධ්‍ය මගින් මෙම කැණීමෙන් ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවසේදී සිද්ධාර්ථ කුමාරයා මෙම ලුම්බිණි සල් උයනේදී උපත ලද බව පුරාවිද්‍යාත්මකව ඔප්පු කර ඇති බවට සඳහන් කර ඇත. ඒ වෙනුවෙන් එම විද්වතුන්ට සැබවින්ම අපගේ ප්‍රණාමය පුද කළ යුතුව ඇත.

අප මෙහිදී විස්‌තර කිරීමට අපේක්‍ෂා කරන්නේ අන්තරජාලයේ සහ අනිකුත් ජාත්‍යන්තර මාධ්‍යවලින් පවා අනාවරණය නොවූ කරුණු ද සමග ඒ මාධ්‍යයන් මගින් ඉතා කෙටියෙන් සඳහන් කළ පසුබිම පිළිබඳ අවබෝධයක්‌ ලබාදීමත් ඉන්පසුව 2013 මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කළ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි පිළිබඳව ද සමාලෝචනයක්‌ කිරීමටය.

ලුම්බිණි හෙවත් රුම්මින්දෙයි වනෝද්‍යානය

සිදුහත් කුමරා මෙම පුදබිමෙහි උපත ලැබීමට පෙර කාලයේ සිටම මෙම උද්‍යානය ඉතාමත් රමණීය වූ දැකුම්කළු උයනක්‌ ලෙසින් සඳහන් වේ. කපිලවස්‌තු සහ දෙව්දහපුර යන නගර දෙකට අතර පිහිටි මෙම සල් උයනට ඒ ප්‍රදේශවල ජනතාව පැමිණ ප්‍රීති ප්‍රමෝදයට පත් වූ පරිශ්‍රයක්‌ ලෙසින් සැලකේ. නේපාලයේ බටහිර නාරායි ප්‍රදේශයේ පිහිටි මෙම පුදබිම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ලුම්බිණි සල් වනය නාමයෙනි.

'ප්‍රාදිමෝක්‍ෂ වන' යන නාමයෙන් බෞද්ධ සාහිත්‍යයෙහි මේ සල් වනය සඳහන් වේ. එහි සල් ගස්‌ මෙන්ම විවිධ වර්ගයේ ඉතා සුවÄති මල් වර්ග සහ පක්‍ෂීන් විවිධ මීමැසි වර්ග පහක්‌ද ඉතා දැකුම්කළු පරිසරයක්‌ද වූයේය. ලුම්බිණි සල් උයන දෙව්ලොව ඉන්දු දෙවියන්ගේ චිත්‍රලතා උයන වැනි ඉතා ආකර්ෂණීය වන උයනක්‌ ලෙසින් ද සඳහන් වේ.

මෙම පුදබිමෙහි සිද්ධාර්ථ කුමාරයා උපන් දිනයේ සිට ක්‍රිස්‌තු වර්ෂ තුන්වැනි සියවස තෙක්‌ ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව පමණක්‌ නොව සංචාරකයන් ද පැමිණෙන්නට ඇත. එහෙත් එක්‌ සුවිශේෂ වූ පුද්ගලයෙක්‌ මෙම පුද බිමට ක්‍රිස්‌තු පූර්ව 250 දී පැමිණි බව අපි ඉතා හොඳින් දැන සිටින්නෙමු. ඒ බව අප ඉතා හොඳින් දන්නේ ඒ මහා පුරුෂයා විසින් සිදුහත් කුමරුන් උපන් පුද බිමට තමාම පැමිණි බව පමණක්‌ නොව සිද්ධාර්ථ කුමරා - සාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ එහි උපත ලද බව ලියන ලද ශිලා ටැඹක්‌ එහි පිහිටුවා ඇති නිසාය. එසේ ශිලා ටැඹක ඒ බව ලියා තැබූ ඒ පුද්ගලයා වෙනත් කිසිවකු නොව සකළ ජම්බුද්වීපයේම මහා අධිරාජයා වූ අසෝක රජතුමාය. අසෝක රජතුමා නොසිටින්නට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උපන් පුද බිම ශිලා ලේඛන සාක්‍ෂි සහිතවම හඳුනා ගැනීමට අපට කෙදිනකවත් අවස්‌ථාව නොලැබෙනු ඇත.

එම අසෝක ටැම්ලිපියේ අරුත මෙසේය. 

දෙවන පියන පියදසි (රජුගේ - අසෝක රජු) අභිශේකයෙන් විසිවසක්‌ ගිය කල්හි මෙහි සාක්‍යමුනි බුදු රජාණන් වහන්සේ උපන්නේ යෑයි (සලකා) තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යෑයි අසා ප්‍රකාශයට පත් කොට දැඩි ඇල්මකින් යුක්‌තව ශිලා ටැඹක්‌ පිහිටුවිය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස්‌ කොට අර්ථලාභය ඇති කළේය. 

අසෝක ධංම ලිපි, - ටැම් ලිපි හා ලෙන් ලිපි - මහාචාර්ය අබය ආරියසිංහ - පී. 58-59 (2000)

මෙම අසෝක ටැම්ලිsපි අසෝaaක රජතුමා විසින් පිහිටුවාලීම සැබැවින්ම සකළ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පමණක්‌ නොව සකල මානව ප්‍රජාවගේම වාසනාවක්‌ බව සඳහන් කළ යුතුව ඇත.

ලුම්බිණි ටැම්ලිපිය අනුව අසෝක රජතුමා මෙම පුදබිමට වන්දනාවේ පැමිණියේ අසෝක රජුගේ අධ්‍යාත්මික උපදේශක ස්‌වාමින්වහන්සේ උපගුප්ත හිමියන් විසින් පූජනීය වූ වෘක්‍ෂයක්‌ පෙන්වා ඒ වෘක්‍ෂය සෙවණේa සිදුහත් කුමරා උපන් බවද ඒ වෘක්‍ෂය වටා ශිලා වැටක්‌ සාදවන ලද බවට අසෝක රජු විසින් ඒ උයන් පරිශ්‍රයෙහි ඒ සිදුවීම සිහි කරනු පිණිස ශිලා ස්‌ථම්භයක්‌ ද පිහිටුවන ලද බවත් දිව්‍යාවදානය නම් මහායාන ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. (E. B. Co Well and R.A. NEIL Ed.
Divyavadana (Cambridge (1886) P.P.
374-381)
අසෝක රජතුමා විසින් හිඳවන ලද මෙම ශිලා ටැඹට පසුව මෙම ලුම්බිණි පුද බිම ගැන ලේඛන ගත වාර්තා පුරාවිද්‍යාඥයන් විසින් විශේෂ අවධානය යොමු කර ඇත. එනම් ඊට වසර 1000 පමණ පසුව ලුම්බිණියට පැමිණි පාහියන් හිමියන්ය. චීන ජාතික පාහියන් හිමියන් ක්‍රි. ව. 406 දී මේ පුදබිමට පැමිණීම පමණක්‌ නොව පාහියන් හිමියන් විසින්ද මෙම පූජනීය වෘක්‍ෂය දුටු බවද එම වාර්තාවල සඳහන් කර ඇත. එපමණක්‌ද නොව මහාමායා බිසව ස්‌නානය කරන ලද පොකුණ ගැන ද සාක්‍ය පොකුණ ගැන ද පාහියන් හිමියෝ සඳහන් කරති.

මීටත් වඩා ඉතා පුළුල් විස්‌තරයක්‌ පාහියන් හිමියන්ට පසුව ලුම්බිණි පුද බිමට සැපත්වූ හියුංෂාං නම් වූ චින භික්‍ෂුන් වහන්සේ මෙම ලුම්බිණි සල් උයන ගැන සිය වාර්තාවේ සටහන් කර ඇත. "මනරම් උයනෙහි සාක්‍ය පොකුණ ද බුදුරජාණන් වහන්සේ උපත ලද වෘක්‍ෂ සෙවණද ගැන සඳහන් කරයි. හියුංෂාං හිමියන් ඒ පූජනීය වෘක්‍ෂය අසෝක වෘක්‍ෂයක්‌ බව සඳහන් කරයි. කෙසේ වුවද හියුංෂාං හිමි ලුම්බිණියට පැමිණියේ ක්‍රිස්‌තු වර්ෂ 637 දී නිසා ඒ කාලයේදී මෙම පූජනීය වෘක්‍ෂය තිබුණු බව මෙහි සඳහන් කිරීම ඉතා වැදගත්ය. අසෝක රජු විසින් පිහිටුවන ලද ස්‌තම්භය ගැන සඳහන් කරන හියුංෂාං චීන ජාතික භික්‍ෂූන් වහන්සේ තවත් විශේෂිත කරුණක්‌ මෙම අසෝක ස්‌ථම්භය ගැන සඳහන් කරයි. එනම් අශෝක ස්‌ථම්භය මුදුණේ අශ්වයකුගේ මූර්තියක්‌ තිබුණු බවත් ඒ අශ්ව මූර්තිය කඩා වැටී ඇති බවත් ය. හියුංෂාං හිමියන්ගේ එම වාර්තාගත කිරීම කෙතරම් සත්‍යතාවයෙන් යුතු දැයි කිව හොත් එම කඩාවැටුණු අශ්ව රූපය 1977 - 78 දී කරන ලද පුරාවිද්‍යා කැනීමේදී තහවුරු වී ඇත.

(Buddhist Shrines in India - D. C. Ahir
- P 2-3 1986 - India)

මේ අනුව දිව්‍යාවදාන නම් සංස්‌කෘත ග්‍රන්ථයේ ද පාහිsයන් හියුංෂාං යන චීන භික්‍ෂූන් වහන්සේලා ද මෙම මායාදේවි විහාරය මෙන්ම එම පූජනීය වෘක්‍ෂය ද දුටු බව එම වාර්තාවල සඳහන් වී තිබීම ඉතා වැදගත්ය. මෙම කරුණු මේ මෑතකදී 2011 දී ආරම්භ කරන ලද පුරාවිද්‍යා කැණීමේ ගවේෂණවලදී පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට යොමු වූවාට කිසිදු සැකයක්‌ නැත. චීන භාෂාවෙන් සිය වාර්තා ලිය ඇති එම සියලුම වාර්තා Samuel Beal නම් විද්වතා විසින් ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කර ඇත. එම ග්‍රන්ථය Buddhist Record of the Western World - Oriental Book Re print Corporation 1969 1969 (නැවත මුද්‍රණය) දැක ගත හැකිය.

මීළඟට අප සොයා බැලිය යුත්තේ මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් 2013 නොවැම්බර් අවසානයේදී නිරාවරණය කරන ලද තොරතුරුවලට අදාළ කැණීම්වලට පෙර ලුම්බිණි පරිශ්‍රයේදී පුරාවිද්‍යා කැණීම් කර තිබේද යන්න ගැන විමර්ෂණය කිරීමයි. 

එක්‌සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්‌කෘතික සංවිධානය (UNESCO) යුනෙස්‌කෝව විසින් 1997 දී මෙම ලුම්බිණි පුද බිම (World Hearitage) ලෝක උරුමයක්‌ ලෙසට ප්‍රකාශ කරන්නට පෙර නේපාල රජය විසින් 1979 වර්ෂය "ලුම්බිණි වර්ෂය" නමින් ද (Lumbini Year -1979)) නම් කළේය. ඒ කැණීම් ගැන පර්යේෂණ ග්‍රන්ථයක්‌ ද ප්‍රකාශයට පත් කර ඇත. එහි ඉතා දීර්ඝ වශයෙන් මෙම කැණීම් හා සංවර්ධන කටයුතු පිළිබඳ ලියන ලද වාර්තාවල දක්‌නට ලැබේ.

1970 - 1971 වර්ෂවලදී ලුම්බිණි පුද බිමෙහි අසෝක ස්‌ථම්භය සහ මායාදේවි විහාරය අතර පරිශ්‍රය පුරාවිද්‍යා කැණීමකට භාජනය කර ඇත. එම කැණීමේ මූලික පරමාර්ථය වී ඇත්තේ අසෝක ටැම්ලිපිය සඳහන් වන "ලුම්බිණි ගාමේ" එනම් ලුම්බිණි ගම පිළිබඳව විමර්ෂණය කිරීමයි. ඒ සඳහා පුරාණ තානායම අසළ තිබුණු ගොඩැල්ලක්‌ කැණීම් කරන ලද්දේ මෙහි මානව ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීම පිණිසය. බුද්ධ කාලයට පෙර මෙන්ම ඊට පසුව ද මෙහි ජනාවාස පැවැති බවට සාක්‍ෂි එම කැණීමෙන් ලැබී ඇත. විශේෂයෙන්ම ක්‍රිස්‌තු වර්ෂ 3 වැනි සියවසට පසුව එනම් අසෝක රජුගේ ටැම්ලිපිය පිහිටුවීමට පසුව මෙහි ජනාවාස කරණය ඉතා පුළුල් වී ඇත. මෙම ලුම්බිණි උයන් පරිශ්‍රයේ දකුණු පෙදෙසේ ඇති භූමිය කැණීමේදී ද මහාචාර්ය රොබින් කොනිංහැම් විසින් කාල නිර්ණය කරන ලද අන්දමින්ම යුත් පුරාවස්‌තු අයත් වන ක්‍රි. පූ. 6 වැනි සියසට අයත් බව සොයාගෙන ඇත. ඒ කැණීමෙන් ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට භාරත දේශයේ ස්‌වර්ණමය යුගය ලෙසින් සැලකෙන ගුප්ත යුගයේ ක්‍රි. ව. 5-6 වන සියවස්‌වලට අදාළ පුරාවිද්‍යාත්ම සාක්‍ෂි ද එම 1970 - 71 කැණීම් වලින් හමුවී ඇත. මැටි බඳුන් රාශියක්‌ ද මෙහි තිබී හමුවී ඇත. මෙම 1970 -71 කැණීම්වලින් පසුව මෙහි ඇති අසෝක ටැම් ලිපිය සහ මායාදේවි විහාරය ද ඒ ආශ්‍රිත තවත් පුරාවස්‌තු සංරක්‍ෂණය කර ඇත.

ඊට ඉහත 1933 - 39 වර්ෂයේදී ලුම්බිණි පුද බිමෙහි හා කැණීම් කර ඇත. එය අසාර්ථක කැනීමකි.

(Archaeological Remains of
Kapilawasitu Lubini and Devdaha - B.
K. Rijal p.15-17 NEPAL)

ඒ කැණීම් අනුව 2011 ආරම්භ කර 2013 නොවැම්බර් මස අවසානයේදී මායාදේවි විහාරයේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් සිදුහත් කුමාරයා උපත ලැබුවේ ක්‍රිස්‌තු පූර්ව හය වන සියවසේදී යන ඒ ස්‌ථාවර කාල නිර්ණය ලුම්බිණි උද්‍යානයෙහිම මීට ඉහත එනම් 1970 - 1971 පුරාවිද්‍යා කැණීමේදී ස්‌ථිර ලෙසින්ම මෙ පරිශ්‍රය ක්‍රිස්‌තු පූර්ව හයවන සියවස පුරාණතම කාලනිර්ණය ලෙසින් හමුවී තිබීම නිසා 2013 ලුම්බිණි කැණීමෙන් ලද කාලනිර්ණය ඒ සමග ද සඳහන් නොකළේ මේ පිළිබඳව එවන් වූ නිගමනයක්‌ කිරීමට තව කල්ගත විය යුතු හෙයිනි. පුරාවිද්‍යාත්මක කැණීමකින් පසුව එහි ඊළඟ පියවර වන්නේ එම දත්තයන් (Archaeologcal Date) ලේඛන ගත කිරීමයි. ඒ අවස්‌ථාවට පසුව ඉතාමත් වැදගත් පියවර මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් ගෙන ඇත. එනම් එම පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ දත්තයන් විග්‍රහ කිරීමත් (DATA) නිසි කාලනිර්ණයක්‌ සඳහා විද්‍යාත්මක කාල නිර්ණ ක්‍රම වේදයකට යටත් කිරීමය. ඒ කාර්යයන් අනුව මායාදේවි විහාරය ප්‍රථම වතාවට මෙසේ කැණීම් කරමින් එම සිදුහත් උපත සිදුවූ නිශ්චිතව ස්‌ථානයේ කාලනිර්ණය කිරීම පසුගිය වසර එකසිය පනහ තළ භාරත දේශයේ සිදු කළ (මෙකල පකිස්‌තානයේ) මෙහොන්දොජාරෝ හරප්පා ශිෂ්ටාචාරය මතු කරගත් 1922 සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලට දෙවැනි නොවන කැණීමක්‌ බව මෙහිදී අවධාරණය කළ යුතුය.

අප මෙහිදී භාරතය ලෙසින් සඳහන් කළේ ඒ කාලයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී (අසෝක අධිරාජයාගේ කාලයේදී මෙන්ම) මෙකල හඳුන්වන ඉන්දියාව, පාකිස්‌තානය හා නේපාලය එකම රටක්‌ ලෙසින් පැවතුණු හෙයිනි.

මෙහිදී විශේෂයෙන් නැවත අවධාරණය කළ යුතු වන්නේ අසෝක රාජ යුගය අධ්‍යයනය කළ මුල්ම විද්වතුන්වන ෙ-ම්ස්‌ ප්‍රින්සෙප්a (1834), ඇලෙක්‌සැන්ඩර් කනිංහැම් (1879), එමිල් සොනාහම් (1881) හා ඊ. හුල්ස්‌ට්‌ (1925) විද්වතුන් මෙන්ම චීන ජාතික භික්‍ෂූන් වහන්සේලා තිදෙනා වූ පාහියන් (ක්‍රි. ව. 405 -411), හියුංෂාං (ක්‍රි ව. 629 - 646) ත්‍රට්‌සිං (ක්‍රි. ව. 671 - 695) පුරාණ භාරතයේ කළ සංචාරයන් ද උපයෝගී කරගෙන අසෝක රජතුමා පිළිබඳ ලියන ලද වාර්තා ද අශෝක රජුගේම ශිලා ලේඛන (ලුම්බිණි ටැම්ලිපිය ප්‍රමුඛ) අධ්‍යයන ද මේ කැණීම සඳහා මූලික ගවේෂණ කටයුතු වලදී මහාචාර්ය කොනිංහැම් උපයෝගී කරගත්තාට සැක නැත. කැණීමක්‌ කිරීමට පෙර ඊට පෙර ගවේෂණය කිරීමත්a පෙර ලේඛනද කැනීම් ද සොයා බලන නිසාය. 

විශේෂයෙන්ම හියුං ෂාං හිමියන් හා පාහියන් හිමියන් චීන භික්‍ෂූන් වහන්සේලා මායාදේවි විහාරය ට අයත් ඒ පූජනීය වෘක්‍ෂය තමන් දුටු බව සඳහන් කර ඇත. එය ක්‍රි. ව. හත්වන සියවස වනවිටත් දක්‌නට ලැබුණු බවට එම හියුං ෂාං වාර්තාව පර්යේෂණය සඳහා උපකාරී වනු ඇත.

හියුං ෂාං චීන භික්‍ෂූන් වහන්සේ හා අනෙක්‌ භික්‍ෂූන් වහන්සේලා දෙදෙනාවූ පාහියන් හා ඉට්‌සිං මෙන් නොව පුරාණ භාරතීය අධ්‍යයන ශික්‍ෂණය හා බද්ධ වූ භික්‍ෂූන් වහන්සේ නමක්‌ බව නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගෙනීම කිරීම පමණක්‌ නොව කලක්‌ එහි ඉගැන්වීමෙහි යෙදුණු බව සඳහන්වීමෙන් පැහැදිලි වේ. හියුං ෂාං හිමියන් විසින් සිය සංචාරවලදී අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ස්‌ථම්භ 12 ගැන (ලුම්බිණිය ඇතුළු) සඳහන් කිරීමද ඉතා වැදගත්ය. එම අසෝක ස්‌තම්භ පිහිටි ස්‌ථාන ලෙසින් හියුං ෂොං හිමියෝ මෙසේ වාර්තා කළේය. මේවායින් සමහරක්‌ අදත් දක්‌නට ලැබේ මේවා අද ඉන්දියාවේ දැකගත හැකිය.

1. සංකස්‌සපුර 

මෙහි බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේට විජම්බණ දේශන කිරීමට තව්තිසා ලොවට වැඩම කොට ආපසු වැඩම කළ ස්‌ථානය. මෙම කුළුණු හිසෙහි උක්‌කුටුකයෙන් සිටින සිංහ රූපයක්‌ දක්‌නට ලැබේ. පැති සතරේ වෙන්ත රූප මූර්තිමත් කර ඇත. මෙම ස්‌ථම්භය පාහියන් හිමියන්ද දැක ඇත. මෙහි උස අඩි 30 යෑයි පාහියන් හා හියුංෂාං හිමිවරු පවසති. 

මෙහි ඇත්තේ ඇත් රුවකි.

2- 3 ශ්‍රාවස්‌තියේ ෙ-තවනයෙහි උසින් අඩි 70 වූ ටැම් දෙකකි. එකක පාදමේ චක්‍රයක සටහනක්‌ ද අනෙක මුදුනේ ගවරූපයකි."

4 ශ්‍රාවස්‌ති නගරයට ගිනිකොණ දෙසින් හමුවූ උස අඩි 30 වූ ශිලා ටැඹකි. ටැම් හිසෙහි සිංහ රූපයකි. එය කකුසඳ බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට කළ ස්‌ථම්භයකි.

5 (කපිල වස්‌තු) කනකමුනි බුදුරජාණන් වහන්සේ සඳහා කළ තවත් ස්‌තූපයක්‌ හා ශිලා ටැඹකි. උසින් අඩි 20 ක්‌ වූ මෙහි මුදුනේ සිංහ රූපයකි. කනකමුනි බුදුරජාණන්වහන්සේ (කෝනාගම බුදුරජාණන්වහන්සේ) උදෙසා අසෝක රජුගේ 14 වැනි රාජ වර්ෂයේදී සාදවන ලද දාගැබ අශෝක රජුගේ 20 වැනි රාජ වර්ෂයේදී විශාල කර සාදවන ලද ස්‌ථම්භයයි.

6. ලුම්බිණි ටැම්ලිපිය සහිත ලුම්බිණි ස්‌ථම්භය මෙහි මුදුනේ අශ්aව රූපයක්‌ ද විශාල ශීර්ෂයක්‌ සහිත වූ ස්‌ථම්භයකි. පසුව එය දෙකට කැඩී ඇත. අද එහි මුදුන නැත. 

7.බාරානසී (බරනැස) අගනුවරට ඊසාන දිගින් පිහිටි ශිලා ටැඹකි. කැඩපතක්‌ මෙන් දිළිසෙන සේ ඔප කර ඇති ඉතා සුමුදු මතුපිටකි.

8. සාරානාතය - බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන ලද ස්‌ථානයයි. උසින් අඩි 70 කි. පච්ච මෙන් ප්‍රභාවත්ය. දිළිසෙයි.

පසු සටහන - මෙම ටැඹෙහි ශීර්ෂය අද සාරානාත පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. එම ශීර්ෂයෙහි සිංහයන් සතරදෙනෙක්‌ සතර දිසාභිමුඛව නෙළා ඇත. ධර්ම චක්‍රය පාදමෙහි දක්‌නට ඇත. (කුලුණු ශීර්ෂයේ) මෙය මෙකල ඉන්දියානු රජයේ රාජ්‍ය ලාංඡනය ලෙසින් භාවිතා වේ.

9. වෛශාලි - විශාලාමහනුවර අසෝක රජු විසින් සාදවන ලද ස්‌තූපය අසල මෙම ශිලා ටැඹ දක්‌නට ලැබේ. සිංහ රූපයක්‌ අද පවා එහි මුදුනේ (ස්‌තම්භ ශීර්ෂයෙහි) නිරූපිතය. උසින් අඩි 50 කි.

10. පාටලී පුත්‍ර (නූතන පාට්‌නා PATNA)

11. මෙකල පාට්‌නා නගරයෙහි (පාටලීපුත්ත) තවත් අසෝක රජුගේ ශිලා ටැඹක්‌ හමුවී ඇත. එහි ඇති ශිලා ලිපිය අකා මකා දමා ඇත. ජම්බුද්වීපය තෙවරක්‌ම තෙරුවනට පුදා යළි එය මුදාගන්නා ලද බව ඒ සෙල් ලිපියේ ඉතිරිවී ඇති බ්‍රාහ්මි අක්‍ෂරවලින් කියෑවේ. පාහියන් හිමියන් විසින් පාටලී ප්‍රාන්තයෙහි දුටු සෙල්ලිපිය සහිත ටැඹ මෙය විය යුතු යෑයි ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා සඳහන් කරයි.

රාජගෘහ (රජගහනුවර) ඇත්රූපයක්‌ සහිත කුලුනු හිසක්‌ ඇති ශිලා ටැඹක්‌ මෙහි ඇත. එයද අසෝක රජතුමාගේය. අඩි පණහක්‌ (50) උස වූ ඒ ශිලා ටැඹ එම ස්‌ථානයේ ඇති ස්‌තූපයක්‌ ඉදිකළ බව සඳහන් කර ඇත.

(Asoka The Rightious - A Definitive
Biography Dr. Ananda W.P. Guruge p.p.
366-367 (1993)

අසෝක රජතුමාට පෙර කාලයේදී ප්‍රධාන මෞර්ය රජවරුන් දෙදෙනකු සිටියහ. බින්දුසාර රජු එතුමාගේ පියාය. චන්ද්‍රගුප්ත රජ බින්දුසාර රජුගේ පියාය. අසෝක රජුට ඉහත මෞර්ය රජවරුන් විසින් ශිලා ස්‌තම්භ පිහිටුවීම හෝ ශිලා කර්මාන්තය දියුණු වී තිබුණේ නැත. භාරත දේශයේ ශිලා කර්මාන්තයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සහ ශිලා ලිපි සඳහා ලුම්බිනි වැනි ශිලා ටැම් සෑදීම පිණිස අසෝක රජු මුල් වූ බව දක්‌නට ලැබේ. එසේ නම් ඊට ඉහතදී එම ශිලා වෙනුවට භාවිතා කළේ මොනවාද යන්නට පිළිතුර නම් ඒවා සියල්ලම පාහේ දැවවලින් සාදන ලද බවයි. (Asoka D. R. Bandarkar p. 236 - Universit of Culcutta - 1925)

මේ අනුවද ලුම්බිනියෙහි මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරන ලද කැණීම් වලදී එම වෘක්‍ෂය වටා පිහිටුවන ලද දැවමය නිර්මාණය අසෝක රාජ යුගයට බොහෝ ඉහත කාලයකට අයත් වන බව සඳහන් කළ යුතුව ඇත.

අසෝක රජුගේ අභිෂේකයෙන් 20 වන වර්ෂයේදී ශිලාටැඹ පිහිටුවීමට පැමිණෙන විට (දිව්‍යාවදානය සඳහන් කරන අන්දමට රජුගේ ආධ්‍යාත්මික උපදේශක හිමියන් වූ නිග්‍රෝධ හිමියන් සමග) මායාදේවි විහාරය ද ඒ ආශ්‍රිත වෘක්‌ෂයද සිදුහත් කුමාරයා උපන් ස්‌ථානයෙහි තිබෙන්නට ඇත. නිග්‍රෝධ හිමියන් ඒ වෘක්‍ෂයද අසෝක රජුට පෙන්වූ බවද එහි සඳහන් වන නිසාත් ක්‍රි.ව. 5 සියවසේදී සහ හත් වන සියවස්‌වල පිළිවෙළින් පාහියන් සහ හියුංෂාං නම් චීන භික්‌ෂූන් වහන්සේලාද (එම වෘක්‍ෂය (මායා දේවි විහාරයෙහි පිහිටි) එම වෘක්‍ෂය දුටුවේ නම් අසෝක රාජ යුගයේදී ද මායා දේවි විහාරයෙහි එම වෘක්‍ෂය සජීවී ලෙසින් තිබෙන්නට ඇත. සමහරවිට මායාදේවි විහාරය හා එම පූජනීය වෘක්‍ෂය එහි නොතිබුණි නම් එම ස්‌ථානයෙහි අසෝක රජුගේ ස්‌තම්භය පිහිටන්නට ද ඉඩකඩ තිබෙන්නට ඇත.

මේ නිසා බුද්ධ කාලයේදීම නොව සිද්ධාර්ථ කුමාරයා උපත ලද කාලයේදීම මායාදේවි විහාරයට අයත් වූ මෙම වෘක්‍ෂයට පුද පූජා පැවැත්වීමට සියලු කටයුතු සුද්ධෝදන රාජ යුගයේදීම ආරම්භ කළාට සැක නැත. ඊට තවත් හේතුවක්‌ නම් මෙම රුම්මින්දෙයි (ලුම්බිනි) සල් උද්‍යානය කිඹුල්වත්පුර මෙන්ම (සිදුහත් කුමරුගේ පියා වූ සුද්ධෝදන රජුගේ ගම) හා දෙව්දහනුවර (මහාමායා දේවියගේ ගම) යන නගර දෙක අතර පිහිටා තිබුණු නිසාත් ඊට පෙර කාලයේ සිට මෙය සල් උයනක්‌ ලෙසින් ජනතාවගේ ඉමහත් සැනසුමට හා සිය විනෝදය සඳහා භාවිත වූ උයනක්‌ද නිසාය. සිදුහත් උපතින් පසුව මෙය රාජ නියෝගයෙන් විශේෂිත වූ උද්‍යානයක්‌ ලෙසින් ද ප්‍රකාශයට පත් කරන්නට ඇත්තේ සුද්ධෝදන රාජ යුගයේදීම විය හැකිය. මේ සල් උයන විවිධ පුෂ්පයන්ගෙන් සියොතුන්ගෙන් මී මැසි බමර නාදයෙන්ද යුක්‌ත වූ නිසා ජනතා ආකර්ෂණයට ඒ වන විටත් භාජනය වී තිබුණු නිසාම ඒ පූජනීය වෘක්‍ෂය (සල්ගස) මැදි කොට ආරක්‍ෂාව සඳහා (ඒ සල් ගසෙහි) දැවමය වැටක්‌ද සකස්‌ කළාට සැකයක්‌ නැත. එම නිසා මේ වෘක්‍ෂයේ සහ එම දැව වල කොටස්‌ මෙම රොබින් කොනිංහැම් පුරාවිද්‍යාඥයා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන්ට හමුවීමද සිදුවී ඇත. එම දැව කොටස්‌ විද්‍යාත්මක කාල නිර්ණය අනුව ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසට අයත් වන බවට මේ වන විට මහාචාර්ය රොබින් කොනිංහැරම් විසින් ජාත්‍යන්තර ශාස්‌ත්‍රිය සඟරාවක්‌ වන Aබඑසුමඑහ (ඇන්ටික්‌විටි) සඟරාවේ දෙසැම්බර් කලාපයට මේ පිළිබඳ ලිපියක්‌ සපයා ඇත.

මායාදේවි විහාරයට අයත් වූ මෙම පුරාවිද්‍යාත්මක දත්ත සල් වෘක්‍ෂයේ කොටස්‌ ක්‍රි.පු. 550 අයත් වන බව පුරාවිද්‍යාඥයන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා කථිකාචාර්ය ජුලියා ෂෝ සඳහන් කරන පරිදි මායා විහාරය සල් (වෘක්‍ෂය සහිත වූ) බුද්ධකාලයට පෙර සිටම (සිදුහත් උපතට පසුව) මෙහි ජනතාව විසින් පුද පූජා පවත්වන්නට ඇත. මේ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ කළයුතුව ඇති බවද ප්‍රකාශයට පත් කර ඇත.

මහාචාර්ය රොබින් කොනිංහැම් පවසන තවත් විශේෂ කාරණයක්‌ මෙම මායාදේවි විහාරයේ කැණීම් පිළිබඳව ඉතා වැදගත් වන්නේය. එනම් මේ පුදබිමෙහි සත්ව ඝාතනය හෝ බිලි පූජා ආදී කිසිවක්‌ සිදු කර නැති බවයි. ඒ අනුව කිසිදු සැකයකින් තොරව මෙම පුදබිම බුද්ධ කාලයට පෙර (සිද්ධාර්ථ උපතට පසු) වැඳුම් පිදුම් කළ ගෞරව කළ පුදබිමක්‌ වන්නට ඇත.

මෙම පුරාවිද්‍යා කැණීමෙන් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන කාලනිර්ණය සමග සමපාත වන බවද එකඟ වන බව සත්‍යයක්‌ වන බවද මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රකාශ කර ඇත. මේ අනුව මීට ඉහතදී නේපාලයේ මෙම පුදබිමෙහි මීට වසර 40 පමණ ඉහතදී පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු කරන ලද සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වූයේ ක්‍රි.පු. 6 වන සියවසේදී යන්න නැවත වරක්‌ තහවුරු වී ඇති බවය. ඒ කැණීම් සිදු කරන ලද්දේ සැබවින්ම මෙම සිදුහත් උපත සිදුවූ සල්ගස තිබූ තැන නොවුණත් එම කැණීම සිදු කළේ මහාදේවි විහාරය හා අසෝක ශිලා ස්‌තම්භය අතර ප්‍රදේශයේ හෙයින් එම කාල නිර්ණය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ලැබී තිබුණු බව ද මේ අනුව පැහැදිලි වෙයි.

මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් මීළඟට සිදුහත් කුමාරයා වාසය කළ රජ මාලිගය තිබූ පරිශ්‍රය කැණීම් කටයුතු සිදුකිරීමට අපේක්‍ෂා කරන බවද පැවසේ.

2011 වර්ෂයේදී ආරම්භ කරන ලද මහාදේවි විහාරය ආශ්‍රිත ලුම්බිනි සල් උයනේ කළ මෙම පුරාවිද්‍යා කැණීම සඳහා නේපාල රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වන කොෂ් ප්‍රසාදි ආචාර්ය මහතා ද ලන්ඩනයේ ඩර්හම් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්‍ෂක තරුණ පුරාවිද්‍යාඥයන් කීපදෙනෙක්‌ද යුනෙස්‌කෝ ආයතනය ජපන් රටේ පුරාවිද්‍යාඥයන් මෙන්ම නැෂනල් ජෝග්‍රැµs ආයතනයද තවත් ආයතන රැසකගේ ද සහභාගිත්වයෙන් සිදුකරන ලද මෙම පර්යේෂණ කැණීම සැබවින්ම විශේෂයෙන් බටහිර විද්වතුන් තුළ පැවති බුද්ධෝත්පත්තිය පිළිබඳ වූ සැකයද විවිධ කාලනිර්ණ ඒ සඳහා ඉදිරිපත් කරමින් පැවති සංවාදයන් ද මේ නිසා නිශේදනය වේ. පසුගිය කාලයේ ව්‍යාජ තොරතුරු සපයමින් මේ රටේ ද මිථ්‍යාදෘෂ්ටිකයන් පිරිසක්‌ විසින් (ශ්‍රී ලංකාවේ) සිදුහත් උපත සිදු වූයේ යෑයි ප්‍රකාශ කරමින් ජනමාධ්‍ය ඔස්‌සේ කැපී පෙනීමට උත්සාහ කළ ඊනියා ප්‍රකාශකයන්ට මෙය ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ අතුල් පහරකි.

සිරිසමන් විඡේතුංග 
sirisamanarchaeo@gmail.com
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ 



ඒ හමුවූයේ සිදුහත් උපතට සෙවණ දුන්
ඓතිහාසික සල් ගසද?


නේපාලයේ පිහිටි යුනෙස්‌කෝ ලෝක උරුමයක්‌ වන මායා දේවි විහාරස්‌ථානය, මහාමායා දේවිය සිහිපත් කරනු සඳහා ලුම්බිණි සල් උයනෙහි ගොඩනංවන ලද්දේ මෙයට වසර 2563 කට පෙර ක්‍රි.පූ. 550 දී ය. මායා නමින් දෙවඟනක්‌ ද හින්දු ආගමේ සිටින අතර ඇය මහාමායා දේවිය සමග පටලවා ගත යුතු නැත. මායා දෙවඟනට කැපවුණු දෙවොලක්‌ ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් නගරයෙහි තිබේ. මෙය ක්‍රි.ව. 1100 දී පිහිටුවන ලද්දකි.
නේපාලයේ ලුම්බිණි සල් උයන තුළ මායා දේවි විහාරය ආසන්නයෙහි පුස්‌තරිනි නමැති පොකුණක්‌ පිහිටා ඇත. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට ස්‌වල්ප වෙලාවකට පෙර මහාමායා දේවිය ස්‌නානය කළ පොකුණ මෙය ය. මෙම පොකුණ පෙනෙන මානයෙහි කපිලවස්‌තු මාළිගයෙහි නටබුන් දැකගත හැකිය. ලුම්බිණිය පිහිටා ඇත්තේ කපිලවස්‌තු සහ දෙව්දහනුවර අතරමැද ය. නූතන ලුම්බිණිය සැතපුම් 1 පළල සැතපුම් 4 ක්‌ දිග ප්‍රදේශයකි. වර්ග සැතපුම් 4 ක්‌ පමණ වූ මෙම භූමි ප්‍රමාණය තුළ අක්‌කර 2800 කට ආසන්න ඉඩම් සංයුතියක්‌ ඇත. ලුම්බිණිය ශුද්ධ නගරයක්‌ වන අතර එය තුළ ඉපැරැණි විහාරාරාම සහ සංඝාරාම පිහිටා තිබේ. මෙහි කිසිදු ආකාරයක වාණිජ ගොඩනැඟිල්ලක්‌ තැනීම තහනම් ය. ථෙරවාද, මහායාන, තන්ත්‍රයාන බෞද්ධ කොටස්‌වලට අදාළ සංඝාරාම මෙහි ඇත.
---------------------------------------------------------------

ස්‌වකීය 20 වැනි රාජාභිෂේකය සැමරීම සඳහා මෙයට අවුරුදු 2258 කට පෙර (එනම් ක්‍රි. පූ. 245 දී) කපිලවස්‌තු නගරයේ ලුම්බිණි සල් උයනට පැමිණි ධර්මාශෝක මහ රජතුමා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ස්‌ථානයෙහි සෙල්ලිපියක්‌ සහිත ස්‌ථම්භයක්‌ පිහිටුවන ලද බව ඉන්දියානු ජනප්‍රවාදයේ ආවද 1896 වනතුරු ඒ ස්‌ථානය කවර තැනක තිබෙන්නේ ද යන්න මතභේදයට තුඩුදී තිබිණි. එයට හේතුව 1885 -95 අතර කාලය තුළ ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශවල පුරාවිද්‍යා කටයුතු පිළිබඳ අධීක්‍ෂණ නිලධාරියා හෙවත් Archiological Surveyor ලෙස කටයුතු කළ ජර්මන් ජාතික ආචාර්ය Alois Anton Fuhrer (ඇලොයිස්‌ ඇන්ටන් µරර්) ඉන්දු නේපාල දේශ සීමාව අසලින් කෙළවරක්‌ නැතිව "කපිලවස්‌තුපුර" ගණනාවක්‌ම සොයාගෙන තිබීමය. ධර්මාශෝක රජතුමා කපිලවස්‌තුවට එන විටත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවී වසර තුන්සියයක්‌ පමණ ඉක්‌ම ගොස්‌ තිබිණි. සාමාන්‍ය පිළිගැනීමට අනුව සිදුහත් කුමාරයා ඉපදී තිබුණේ ක්‍රි. පූ. 623 සහ 340 අතර කාලය තුළය. මේ අතර එම උපත ක්‍රි. පූ. 527 දී සිදුවූ බවටද ඔප්පු නොකළ මතයක්‌ විය. සිදුහත් කුමරා උපත ලැබූ වසර සොයාගත හැකි නම් කුමාරයාණන් වහන්සේගේ උපන් දිනය සොයා ගැනීම ඉතා ලෙහෙසිය. මන්ද යත් උපත සිදුවී තිබුණේ වෙසක්‌ පොහොය දවසක නිසාය. මේ සියලු කරුණු සලකා සිදුහත් කුමරු උපන් දිනය ලෙස ක්‍රි. පූ. 527 මැයි මස 27 ලෙස ගණනය කිරීමට ඇතැම් ඉතිහාස කතා කාරයෝ පුරුදුව සිටියහ.

ආචාර්ය ඇලොයිස්‌ µරර් වයඹදිග ඉන්දියාවේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ නිල පත්වීම 1885 දී ලැබුවද ඔහු ඉන්දියානු පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ කටයුතු කරන්නේ ඊට පෙර සිටය. 1885 ට පෙර ඉන්දියාවේ නේපාලය අසල Basti නමැති දිස්‌ත්‍රික්‌කයේ පිහිටි Bhuila dih නමැති ගමේ කපිලවස්‌තු පුරය ලෙස හඳුනාගත් තැනක්‌ විය. මේ හඳුනා ගැනීමට මුල්වී තිබුණේ ජනප්‍රවාද සමූහයකි. 1889 දී මේ මතයට අභියෝග කළ ආචාර්ය අලොයිස්‌ µරර්, කපිලවස්‌තුව ලෙස හඳුනාගත් අලුත් ප්‍රදේශයක්‌ 1892 දී ඉදිරිපත් කළේය. රාම් නගර් නමැති එය පිහිටා තිබුණේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිsහිටි බරණැස්‌ නාගරික කොට්‌ඨාසය තුළය. ඔහු එහි කැණීම් සිදුකර වාර්තාවක්‌ ඉදිරිපත් කළේය. හරියටම වසරකට පසු Bhuiadih ගමේ කපිලවස්‌තුව ගැන දැරූ තම අදහස වෙනස්‌ කරගත් ඔහු ඉන්දු නේපාල දේශසීමාවේ කාන්තාර ප්‍රදේශයක පිහිටි Bairat (බයිරාත්) ගමේ පිහිටි කපිලවස්‌තුවක්‌ සොයාගෙන අශෝක රජතුමා විසින් පිහිටුවන ලද ඓතිහාසික ස්‌ථම්භය එහි තිබෙන බව කීවේය. එම ස්‌ථම්භය මත සෙල්ලිපියක්‌ද, කොටා ඇති බවට ඔහු වාර්තාවක්‌, සකස්‌ කළේය. ස්‌ථම්භය පිහිටි ඉඩම ධනවත් ඉඩම් හිමියකු වූ ජස්‌කරන් සිං නමැත්තාට අයත්ය. ඔහු ආචාර්ය අලෝසියස්‌ µරර්ගේ මිත්‍රයකු බවත් ජස්‌කරන් සිංට කීර්තියක්‌ ලබා දීම සඳහා ආචාර්ය µරර් අශෝක ස්‌ථම්භය ගැන කතාව ගෙතූ බවත් පසුව පැතිර ගියේය. මෙයට අවුරුදු 150 කට පෙර නේපාලයේ කාන්තාර ප්‍රදේශයක පුරාවස්‌තුවක්‌ ඇති බව උගත් යුරෝපීය පුරාවිද්‍යාඥයකු විසින් වාර්තා කරන ලද කල්හි එහි අග මුල බැලීම සඳහා නවදිල්ලියේ සිටි බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා කාන්තාරයට යැමේ සිරිතක්‌ තිබුණේ නැත. ඇත්තම කතාව වූයේ ආචාර්ය µරර් එම ස්‌ථම්භය හෝ සෙල්ලිපිය හැබැහින් දැක නොතිබීමය. ඔහු තම ධනවත් මිත්‍රයා විශ්වාස කර ඔහු කී දේ පරිදි ස්‌ථම්භය ගැන වාර්තාව සකසා තිබිණ. ස්‌වල්ප කලකට පසු ස්‌ථම්භය බැලීම සඳහා තම මිතුරාගේ ඉඩමට ගිය ආචාර්ය µරර්ට තාරුකා විසි විය. ඉඩමේ නිකම්ම නිකම් ගල් කණුවක්‌ තිබූ අතර එහි අපැහැදිලි සලකුණු කිsහිපයක්‌ මිස කිසිදු සෙල්ලිපියක්‌ නොවීය. සිද්ධිය ක්‍රමයෙන් යටපත් වීමට ඉඩහල ආචාර්ය µරර්, නේපාලයේ දුර බැහැර ගමක්‌ වූ භසටකසඩ් ප්‍රදේශයේ දී කපිලවස්‌තුවක්‌ සහ සිදුහත් කුමරුගේ උපත වෙනුවෙන් අශෝක රජු පිහිටවූ ස්‌ථම්භයක්‌ යෑයි කියන ගල් කණුවක්‌ සොයා ගත්තේය. සොයා ගන්නා කල්හි එය බිමට පහත් වී දෙකට කැඩී තිබුණි. ඒ මත සෙල්ලිපියක්‌ වූ නමුත් එහි සඳහන් වූයේ සිදුහත් කුමරු ගැන නොව කෝණාගම බුදුන් ගැනය. එය අශෝක ස්‌ථම්භයම බව µරර් තරයේ කියා සිටියද ගෞතම බුදුන් ගැන මිස කෝනාගම බුදුන් ගැන සඳහන් කරන්නට අශෝක අධිරාජ්‍යයාට කිසිදු ඕනෑකමක්‌ තිබෙන්නට ඇති බවත් නොපෙනෙන නිසා එම අදහසද නිෂ්ප්‍රභ විය. නේපාල පුරා විද්‍යාඥයන් පිරිසකගේ බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක්‌ ලෙස අද තිබෙන ලුම්බිණිය සොයාගනු ලබන්නේ 1896 දීය. වහා එතැනට ගිය ආචාර්ය µරර් එහි තනා තිබූ මහා මායා දේවියගේ විහාරස්‌ථානයට සහ තිබූ සැබෑ අශෝක ස්‌ථම්භයට කර තබා ඉතිහාස පොතට සිය නම ඇතුළත් කර ගත්තේය. එතැන්සිට සිදුහත් කුමරු බිහිවූ නියට තැන ලෙස අශෝක ස්‌ථම්භය අඳුනා ගත්හ.

එහෙත් සිද්ධාර්ථ කුමාරයා උපන් තැන ලෙස අශෝක ස්‌ථම්භය පිහිටි තැන සලකන ලද්දේ 1997 දී ලුම්බිණි සල් උයනේ පිහිටි දිය පොකුණක නටබුන් සොයා ගන්නාතුරු පමණි. එම පොකුණ, මහාමායා දේවිය සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට ස්‌වල්ප මොහොතකට පෙර ස්‌නානය කළ තැනයි. ස්‌නානයෙන් පසු පොකුණින් නික්‌මෙන සිදුහත් මාතාව පියවර හතක්‌ ඉදිරියට ගොස්‌ සල් අත්තක්‌ අල්ලාගෙන වීර්යය ගෙන කුමරා ප්‍රසූත කළ බවට වාර්තා තිබේ.

මේ අනුව පොකුණේ සිට පියවර හතක්‌ සලකුණු කළ පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ පොකුණ වටා කැණීමක්‌ සිදුකළහ. එවිට අඩි 15 ක්‌ පමණ පොළව යට තිබූ ගල් සලකුණක්‌ ඔවුන්ට හමුවිය. සිදුහත් කුමරු උපන් නිවැරැදි ස්‌ථානය එය බව අද පිළිගැනීමය.

එයින් පසුව කැණීම් නැවතුනේ නැත. එංගලන්තයේ Durham විශ්වවිද්‍යාලයෙන් පැමිණි මහාචාර්යවරයකු වූ Robin Canningham) (රොබින් කනිංහැම්) සහ පිරිසක්‌ පසුගිය සතියේදී කැණීම් සමූහයක්‌ කර අලුත් කරුණක්‌ හෙළිකර ගත්තේය. එනම් ලුම්බිණියේ මහාමායා දේවි විහාරයේ නටබුන් යට වඩාත් පැරැණි විහාරස්‌ථානයක නටබුන් තිබෙන බවය. මේ පිළිබඳ තොරතුරු Journal Antiquity නමැති කීර්තිමත් පුරාවිද්‍යාත්මක ප්‍රකාශනයේ පර්යේෂණ වාර්තාවක්‌ ලෙස පළකර තිබේ. මෙම කැණීම් සඳහා අරමුදල් සපයා තිබුණේ ජපන් රජයත් නේපාල රජයත් සුප්‍රකට නැෂනල් ජියොග්‍රැµsක්‌ සඟරාව සහ එම නමින්ම යුතු රූපවාහිනි සේවාවත් අයත් එංගලන්තයේ National Geograpic Society ආයතනයයි.

මෙවර සොයාගත් විහාරස්‌ථානය සම්පූර්ණ දැවයෙන් නිමවන ලද්දකි. එය විශාල මැද මිදුලක්‌ තිබූ පන්සලක්‌ විය යුතු බව රොබින් කොනින්හැම් ගේ මතය වේ. සමහර විට මේ මැද මිදුලෙහි තිබෙන්නට ඇත්තේ මහා මායා දේවිය විසින් සිදුහත් කුමරු ප්‍රසූත කිරීම සඳහා වීර්යය ගැනීමට අල්ලාගත් සල් අත්ත තිබූ ගස විය හැකිය. ඒ බව තහවුරු කෙරෙන පාෂාණිභූත මුල් සමූහයක්‌ද කැණීම්වලදී හමුවී තිබේ. ඓතිහාසික සල්ගස හමුවීම වනාහී ඉතිහාසය, ජනප්‍රවාදය, විශ්වාස සහ ඇදහිලි යනාදිය නවීන විද්‍යාව සමග එකඟතාවකට පත්වූ අවස්‌ථාවක්‌ බව මහාචාර්ය කොනිංහැම් කියයි. සිදුහත් තවුසා බුද්ධත්වයට පත් බුද්ධගයාව, බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කළ සාරානාත්, උන්වහන්සේ පරිනිර්වාණයට සම වැදුණු කුසිනාරාව තරමටම ලුම්බිණි සල් උයන සහ පෙරකී සල්ගස වැදගත් වන බව මහාචාර්ය කොනිංහැම් පෙන්වා දෙයි.

අනුර සොලමන්ස්‌
කපිලවස්‌තුව දෙව්දහ නුවර සහ පුස්‌තරිනි පොකුණ


සිදුහත් කුමරැ ඉපදුණු කාලය තහවුරු වේ