1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

සාරානාත් බුදු පිළිම වහන්සේ


බරණැස් කෞතුකාගාරයේ තැම්පත් කර ඇති මෙම පිළිම වහන්සේ ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිමකර තිබේ. මථුරා කලා සම්ප්‍රදායට අයත් මෙම පිළිම වහන්සේ ගුප්ත යුගයේදී නිර්මාණය කරන ලදැයි විශ්වාස කෙරේ. අතිශය සුන්දර හා ප්‍රදත්ත යුතු විශ්මිත නිර්මාණයක් ලෙස මෙය අගය කළ හැක. 

චුනාර් නමි ගල් විශේෂයකින ගුප්ත යුගයේ කල  නිර්මාණයක්. රැස්වළල්ල ලස්සන කැටයමි වලින් යුක්තයි යට කොටසෙ පස්වග මහණුන් පිරිත් නුල අතේ රදවාගෙන ඉන්න ආකාරයක් නිර්මාණය කරල තියෙනව. දෙනෙත් අඩවන්වි තොල්දෙක තෙත් ගතියෙන් යුක්තව ධම්ම චක්ක සුත්රය දේශනා කරන ආකාරය පෙන්නුම් කරනව. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇගට ඇලුණ  සිවුරයි.  කොපමණ වේලාවක් එම පිළිම වහන්සේ දෙස බලා සිටියද සෑහීමකට පත්විය නොහැකි බවක් මට හැගේ. එය ඉතාම රමණීය වූ රන් පිළිම වහන්සේ නමකි.  විහාරයේ මනරම් බුදු පිළිමයත් සමඟම  දර්ශණීය චිත්ර කර්මත් ඔබ නෙත් සිත් පැහැර  ගනීවී.  ජපන් ජාතික කොට්සුනෝසු නම් ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පියා විසින් ස්වභාවික ගල්කුඩු, මල් , කොළ, පොතු ආදියෙහි වර්ණ සංකලනයෙන් ඉතාම සෞම්ය වර්ණ භාවිතයෙන් බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි නිරූපණය වෙන ලෙස අඳිනා ලද සිතුවම් ඉතාම අලංකාර ය.

දඹදිව වන්දනා ගාථා


Powered by දහම් විල