1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාව

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ලක්දිව බුදු සසුන පිහිටුවා වදාල පසුව ලංකාවට රැගෙන ආ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සිහිවීම සඳහාත් , දඹදිවින් ගත් ණය ආපසු ගෙවීමක් ලෙසත් සලකා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක්  1931 නොවැම්බර් 11 වනදා රෝපණය කරන ලදී. එකී බෝධීන් වහන්සේ ද පුද සත්කාර ලබමින් එහි වැඩ වෙසෙති.