1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

ඉසිපතන මිග දාය


ඉසිපතන මිග දායේ සම්පූර්ණ භූමි භාගය අක්කර 900ක් පමණ වේ. . දෙසැටක් මිත්‍යාදෘශ්ඨික ආගම් අතර 63 වන ආගම ලෙස ඉන්දියාවෙ බෞද්ධ ආගම ඇති වූ බව කියවේ. ඔබ දන්නවාද ඉසිපතන මිගදාය ” අවිජහිත ” පුණ්‍ය භූමියක් බව. ඒ කියන්නෙ ලොව පහළ වෙන  සෑම බුදුවරයෙක්ම අත් නොහරින භූමියක් කියන එකයි. මේ තාක් ලොව පහළවූ හා පහළවෙන්නාවූ සෑම බුදු වරයෙක්ම ස්පර්ෂ කරන්නාවු සුවිශේෂ ස්ථාන හතරක් තියෙනවා.  ඒ නම් 
1. බුද්ධගයාව 
2. ඉසිපතනය 
3. සැවැත් නුවර
4. සංකස්සපුරය යයි. 
ඉතින් මේ ඉසිපතනය “අවිජහිත භූමියක් “නිසා සුවිශේෂයි. ඉසිපතනමිගදායවන්දනාගාථාව.

සං කම්පයං දස සහස්සිය ලෝක ධාතුං 
දේසේසි යත්‍ර භගවා වර ධම්ම චක්කං 
බාරාණසී පුර සමීප වනේ මිගානං 
තං ධම්ම චේතිය මහං සිරසා නමාමී