1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

දඹදිව පූජනීය ස්ථානවල ඡායා රෑප එකතුව



ක්‍රිස්තු පූර්ව 6 වන ශතවර්ෂයේ දී (563) ශාක්‍ය වංශයට අයත් සුදෝවුන් මහ රජාණන්ගේ දේවිය වන මහා මායා බිසව කුසින් කෝසල නගරයේදී කපිල වස්තු නුවර ලුම්බිණි සල්වනයේ වෙසක් මස පුර පසළොස්වක දවසේදී සිදුහත් කුමාරයා බිහිවුයේය. මෙම ස්ථානය මේ වන විට නේපාල රජය විසින් සංචාරකයන්ගේ සිත් ගන්නා තැනක් බවට පත්කර ඇත. මෙහි අශෝක මහ රජ විසින් පිහිටුවන ලද ස්ථම්භය හා ඒ ඉදිරිපිට ඇති ප්‍රතිසංස්කරණය වුණ ජල තටාකය හා පැරණි ගොඩනැගිලි කිහිපයක නටබුන් දක්නට ලැබේ. මහා පරිනිබ්බාණ සුත්‍රයේ සදහන් වන පරිදි ශ්‍රද්ධාවත් කුලපුත්‍රයකු විසින් දැකීමට සුදුසු වූ දැක සංවේග ඉපදවිය යුතු ස්ථාන සතර අතරින් තථාගතයන් වහන්සේ මෙලොව උපන් ස්ථානය වන ලුම්බිණිය බෞද්ධ අප විසින් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ස්ථාන වේ.





උපවත්තන සල් වනය බලා වැඩම කරණ බුදුරදුන් දැඩි සේ රෝගී ව සිටි බැවින් මේ ස්ථානයේ දී මඳක් ව්වේක ගත්හ. ඈත පෙනෙන්නේ බුදුරදුන් වැඩ සිටි ස්ථානයේ කර වූ විහාරය යි. මේ විහාරයෙහි භුමිස්පර්ශ මුද්‍රාවෙන් යුතු රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් තැම්පත් කර ඇත.



නේපාලයේ රූපන්දේහි ප්‍රදේශයේ පිහිටි තථාගතයන්වහන්සේ උපත ලැබූ ලුම්බිණි සල් උයන ක්‍රිස්තු පූර්ව 245 දී අශෝක අධිරාජ්‍යයා විසින් මෙම පෙදෙස මුලින්ම හඳුනාගෙන කුළුණක් ඉදි කරන ලදි. 1896 දී නේපාල පුරාවිද්‍යාඥයින් මෙම දැවැන්ත කුළුණ සොයා ගත් අතර 1997 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය(UNESCO) මගින් මෙම ස්ථානය ලෝක උරුමයක් වශයෙන් නම් කරන ලදි.
















මේ දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යි. අප මහා බෝසතුන් ලොව්තුරා බුදු බවට පත් වූයේ මේ බෝධි මූලයේ දී ය.






මේ ඡායා රූපයේ දැක්වෙන්නේ ද වජ්‍රාසනය යි. සියලූ බෝසත්වරු ලොව්තුරා බුදු බවට පත් වන්නේ මේ ශුද්ධවූ ස්ථනයේ දී ය. අප මහ බෝසතුන් ද ලොව්තුරා බුදු බවට පත් වූ මේ ස්ථානය සියලූ සැදැහැති බෞද්ධයින් විසින් දැක බලාගෙන පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන සතර අතරින් එකකි.









මේ මලින් සරසා තිබෙන මේ සුන්දර බිම අප මහා මුනින්ද්‍රයන් වහන්සේගේ රන්වන් සිරිපා යුගල සිපගනිමින් වස් කාල 19 වතාවක්ම සුවසේ වැඩ සිටී ගන්ධ කුටියයි....









මේ සැවත් නුවර ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයයි. පෙනෙන උස් වේදිකාව බුදුරදුන් දහම් දෙසු ස්ථානය යි. අනෙක් අත පැත්තේ දක්නට ඇත්තේ පිරිස දහම් ඇසු ස්ථානය යි.









ගන‍්ධ කුටිය ඈතට පෙනෙන්නේ මෙසේ යි. දම්සභා මණ්ඩපය පිහිටා ඇත්තේ මේ සමීපයේ ය.









බුදුරදුන් බුද්ධත්වයට පත් වී තෙවැනි සතිය මහා බෝධියට ත් අනිමිස ලෝචන පූජාව පැවැත්වූ ස්ථානයට ත් අතර රුවන් සක්මන් මවා ගෙණ සක්මන් කරමින් වැඩ සිටියහ. මේ එම ස්ථානය යි.
























මේ අනිමිස ලොචන චෛත්‍යයි. අනිමිස ලොචන චෛත්‍යය තරමක් උස් භුමියක පිහිටා ඇති බව මේ ඡායාරූපයෙන් පැහැදිලි වෙයි.










මේ බුදුරදුන් තව්තිසා දෙව්ලොව සිට මනුලොවට වැඩම කළ ස්ථානයේ ධර්මාශෝක මහ රජු විසින් කර වූ මහා ස්තූපයේ නටබුන් ය. මෙය සියලූ බුදුවරු අත්නොහරින ස්ථාන සතර අතුරින් එකකි. ගරා වැටී ඇති මේ මහා ස්තූපය මුදුනේ කුඩා හින්දු කෝවිල් කිහිපයක් තනා ගෙන ඇත.







භාග්‍යවතුන්වහන්සේ පිරිනිවීමට වැඩ සිටි ස්ථානය නැතිනම් බුදුන්වහන්සේ අවසන්වරට සත්වයා ඇමතූ ස්ථානය.




මේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය යි. මේ ස්ථානය සියලූ සැදැහැති බෞද්ධයින් විසින් දැක බලා ගෙණ පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන සතර අතුරින් එකකි.



මේ රන් ආලේපිත ආශ්චර්යවත් මහා පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව යි. ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටින ආකාරය මේ ප්‍රතිමාව සමීපයට ගිය විට සිතට දැනේ.



මේ උපවත්තන සල් වනයේ ඇති මහා පරිනිර්වාණ විහාරගෙය හා මහා ස්තූපය ඈතට පෙනෙන අයුරු යි. ලෝසුපතල රන් ආලේපිත මහා පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින්නේ මේ මහා විහාරගෙය තුළ යි.



මේ කේසාරියා මහා ස්තූපය යි. බුදුරදුන් ගේ පාත්‍ර ධාතුවක් මේ මහා ස්තූපය තුළ තැම්පත් ව ඇතැයි සැලකේ.



ද්‍රෝණ බමුණා රටවල් අටක රජ දරුවන්ට ධාතු ඛෙදුවේ ය. එය සිහි වීමට ආදාහන ස්තූපය සමීපයේ කුඩා ස්තූප අටක් තනා තිබේ. මේ තිඛෙන්නේ එම ස්තූප අටේ නටබුන් ය.



බුදුරදුන් ගේ ශාරීරික ධාතුන් ගෙන් අටෙන් එකක් ධාතු අජාසත්ත රජතුමාට ත් ලැබුණි. රජු ඒ ශාරීරික ධාතු නිදන් කර රජගහ නුවර මහා ස්තූපයක් තැනුවේය. මේ ඒ ස්තූපය පිහිටි තැන දක්නට ඇති නටබුන් ය.





මේ විශාලා මහනුවර ලිච්ජවී රජ දරුවන්ට ලැබුණු ධාතු කොටස නිදන් කර තැනු මහා ස්තූපයේ නටබුන් ය. අවස්ථා කීපයක දී ධාතු ස්තුපය විශාල කර තිබේ. මැද ඇත්තේ මුලින්ම කළ ස්තූපය යි. මෙහි කළ කැණීම්වලින් බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහිත භෂ්මාවශේෂ හමු වී ඇත.‍










මේ විශාලාමහනුවර ධාතු ස්තූපයේ ආරක‍ෂාවට තනා ඇති වටකුරු වහල සහිත ගෘහය යි.










මේ විශාලාමහනුවර ධාතු ස්තූපයේ ආරක‍ෂාවට තනා ඇති වටකුරු වහල සහිත ගෘහය අවට දර්ශනය.










මහා කාශ්‍යප මහා තෙරුන් ගේ උපදෙස් පරිදි අජාසත්ත මහ රජු රජගහ නුවර දී රහසිගත ව එක් ධාතු නිධානයක් කළේ මේ ස්ථානයේ දී ය.









මේ ස්ථානය ඈතට පෙනෙන අයුරු යි. අද මෙය මනියාර්මට් යනුවෙන් හඳුන්වයි. මෙය සප්තපර්ණී ගුහාව බැලීමට යන විට මාර්ගයේ වම්පසින් පිහිටා ඇත. කේතු ආකාරයේ වහල ස්තූපයේ ආරක‍ෂාවට තනා තිබේ.







මේ බරණැස ඉසිපතන මිගදායේ බුදුරදුන් වැඩ සිටි ගන්ධ කුටියේ නටඹූන් ය. බුදුරදුන් මුලින්ම වැඩ සිටි කුටිය නිසා මෙයට — මූලගන‍ධ කුටිය ˜ යනුවෙන් කියනු ලැබේ. බුදුරදුන් ගේ ලාලාට ධාතුන් වහන්සේ කාලයක් මෙහිද තැම්පත් කර තිබු බව ධාතුවංශයේ සඳහන් වේ.







මේ විශාලා මහනුවර කුටාගාර ශාලාවේ නටබුන්ය. බුදුරදුන් පස් වැනි වස් කාලය ගත කළේ මෙහිය. බුදුරදුන් පිරිනිවන් පෑ පසුව උන් වහන්සේ ගේ ලලාට ධාතුව මුලින් ම තැම්පත් කර තිබුණේ ද මෙහි ය.







මේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයේ බුදුරදුන් ඩැඩ සිටි ගන‍ධ කුටියේ නටබුන්ය. බුදුරදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ කලක් මේ ගන‍ධ කුටියේ ද තැම්පත් කර තිබු බව ධාතුවංශයේ සඳහන් වේ.










භාග්‍යවතුන් වහන්සේ වසර 19 ක් වැඩ සිටි සුගන්ධ කුටිය.











භාග්‍යවතුන් වහන්සේගේ පැන් වැළදුවා යැයි සලකන ලිඳ.













භාග්‍යවතුන් වහන්සේ සක්මන් කල සක්මන් මලුව.










ගිජ්ජකූට පර්වතයේ පිහිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය...













පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ යැයි සැලකෙන කුටිය.







විශාලා මහනුවර සිංහ කුළුණ සමීපයේ මහා ස්තූපයක් ඇත. මේ එම ස්තූපය යි. ආනන්ද මහ තෙරුන් ගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් මේ ස්තූපය තුළ තැම්පත්ව ඇතැයි සැලකේ.








මේ සැවත් නුවර ජේතවනාරාමයේ ආනන්ද බෝධීන් වහන්සේ යි. බුදුරදුන් මේ බෝධි වෘක‍ෂයේ නැගෙනහිර දෙසට වී පුරා රාත්‍රියක් ම සමවත් සුවයෙන් වැඩ සිටි බව ධර්ම ග්‍රන‍ථයන්හි සඳහන් වේ.



ආනන්ද බෝධීන් වහන්සේ. දෙව්රම් වැඩ සිටින බුදුන් වහන්සේ විහාරයේ නොමැති අවස්ථා වල එහි පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා කිරීම පිණිස ආනන්ද හිමියන්ගේ ඉල්ලීම පිට බුදුන් වහන්සේගේ අනුමැතිය ඇතිව ගයාවේ සිරිමහා බෝධියේ අංකුරයක් දෙව්රම් වෙහෙරේ පැල කරන ලදී. ආනන්ද හිමියන් මුල්ව පැල කළ බැවින් එය ආනන්ද බෝධිය නමින් ප්‍රසිද්ධ විය. එම බෝධීන් වහන්සේ අදත් දෙව්රම වැඩ වෙහෙසෙති. වර්තමානයේ බෝධියේ කඳ දෙපසද දිරා ගොස් ඇති එහි ආරක්ෂාව පිණිස මැටි වැනි ද්‍රව්‍යයක් පුරවා ඇති බව පෙනේ.





දෙව්දත් තෙරුන් ගල් පෙරලූ ස්ථානය - ගිජ්ජකූට පව්ව පාමුල විශාල ගල් ඇත්දක සිරවී ඇති ලොකු ගලක් දක්නට ලැබේ. එය දෙව්දත් බුදුන් වහන්සේ මැරීමට පෙරලූ ගලයැයි විශ්වාස කරනු ලැබේ. මෙය දක්නට ලැබෙන්නේ ආනන්ද ලෙන අසලය.










දෙව්රම් වෙහෙර ප්‍රධාන පිවිසුම් මාර්ගය.











අජන්තා ලෙන් විහාර.








සප්තපර්ණි ගල් ගුහාව (බිම්බිසාර රජුගේ ගබඩාව) ගල්පර්වතය හාරා සකස් කර ඇත. ජනේලයක් දොරක් හා කපොලු දෙකක්ද ඇත. දිගින් වැඩිවන ලෙස සකසා ඇති කුඩා වහලක්ද ඇත. එහි බිත්ති වල බුද්ධ රූප කොටා ඇතිබව පෙනේ. ප්‍රධාන ගුහාවේ බිත්තිවල අකුරු කෙටු ලාංඡන දක්නට ලැබේ. එහි ඇති මන්ත්‍රය කියවීමට හැකි නම් එහි සලකුණු කර ඇති ගල්දොර විවෘත වී ඇතලට ගිය හැකි බව එතැන සිටින සේවකයා විස්තර කරනු ලබයි. කෙසේවෙතත් මෙය මුලදී ප්‍රථම සංගායනාව කළ සප්තපර්ණි ගල් ගුහාව ලෙස විශ්වාස කලත් දැන් පුරා විද්‍යාඥයන් පවසන්නේ බිම්බිසාර රජුගේ රහස් ගබඩාවක් ලෙස භාවිතා කරන ලද ස්ථානයක් බවයි.





සංකස්ස පුර - මෙය බුදුරදුන් තව්තිසා දෙව්ලොව සිට මනු ලොවට වැඩම කළ ස්ථානයයි. තවද සියලු බුදුවරු අත්නොහරින පුණ්‍ය භූමියක් (අවිජහිත) වන අතර ලෝක විවරණ මහා ප්‍රාතිහාර්යය දක්වන ලද එකම ස්ථානය වේ. මෛත්‍රී බෝ සතුන් අවසාන වරට පැවිදි වීම, සැරියුත් මහා රහතන් වහන්සේට ප්‍රඥාවත්තයක් අතර අග තනතුර ප්‍රදානය කිරීම, විශාල පිරිසක් එකවර බුදු බව පැතු ස්ථානය වීම සහ සැරියුත් හිමි තම සිසු පිරිසට අභිධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානය ද මෙම සංකස්සපුරයයි.








මේ සැරියුත් මහ රහතන් වහන්සේ ගේ ශාරීරික ධාතු නිදන් කර ජේතවනාරාමයේ තැනු ස්තූපයේ නටබුන්ය.








මේ සැවත් නුවර ගණ්ඩම්බ රුක පිහිටි තැන යි. තීර්ථකයින් ගේ මානය දුරු කිරීමට බුදුරදුන් යමා මහා පෙළහර පෑවේ මේ ස්ථානයේදී ය. එම ස්ථානයේ තනා ඇති මහා ස්තූපය අද පස් කන්දක් මෙන් මෙසේ දිස් වේ.








අංගුලිමාල තෙරුන් ගැබිණි මවකට පිරිත් දෙසු ස්ථානය වට කර පසු කලෙක ස්තූපයක් තනා ඇත. මේ එම ස්තූපයේ නටබුන්ය. මෙය පිහිටා ඇත්තේ අනාථපිණ්ඩික මහ සිටුතුමා ගේ මැදුර සමීපයේය.








බිම්බිසාර හිරගෙදර - ජීවක අඹ වනයට මදක් ඔබ්බෙන් පිහිටි විශාල ගල් යොදා ඇති අත්තිවාරමක් දක්නට ලැබේ. එය බිම්බිසාර රජතුමා හිර කර තැබූ ස්ථානය යැයි විශ්වාස කෙරේ.