1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

ධම්ම රාජික ස්තූපය සහ ධම්මික ස්තූපය

එදා ඇසළ පුර පසළොස්වක පොහෝ දා ය. ඉසිපතනයේ මිගදායෙහි දී එදින සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට දම්සක් පැවතුම් සූත්රසය දේශනා කළ සේක. ඒ උන්වහන්සේ ගේ පළමු ධර්ම දේශනාවයි. දම්සක් පැවතුම් සූත්රස දේශනාව අවසානයේ දී කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය.
ප්‍රථමයෙන් දම්සක් සූත්‍රය පැවැතුවූ ස්ථානය සිහිවීම සඳහා පිහිටුවන ලද චෛත්‍යය ධම්ම රාජික ස්තූපයයි.

ප්‍රථමයෙන් දම්සක් සූත්‍රය පැවැතුවූ ස්ථානය සිහිවීම සඳහා පිහිටුවන ලද චෛත්‍යය ධම්ම රාජික ස්තූපයයි.
සෝවාන්  වූ කොණ්ඩඤ්ඤ තවුසා බුදුරජාණන් වහන්සේ  වෙත පැවිදි වීමට අවසර  ඉල්ලුවේ ය. ඒ ඉල්ලීම ඉටු විය. අනතුරුව දෙසූ දහම් අසා වප්ප, භද්දිය,මහානාම,අස්සජී යන අනෙකුත් තවුසෝ ද සෝවාන් ව  බුදු සසුනෙහි පැවිදි බව ලැබූ හ. ඉක්බිති ව   බුදුරජාණන් වහන්සේ ඒ තවුසන්ට අනාත්ම ලක්ෂණ සූත්රුය දේශනා කළ සේක. ඒ ධර්මය අසා තවුසෝ පස් දෙනාම රහත් වූ හ. 
අනාත්ම ලක්ඛණ සූත්‍රය දෙසූ ස්ථානයේ ඉඳිකල ධම්මික ස්ථූපය.

මුලගන්ධ කුටි විහාරය ඉදිරියෙහි මදක් ඈතින් අසාමාන්‍ය හැඩයකින් යුක්ත ස්ථුපයක් වෙයි. එය ලංකාවේ හෝ ඉන්දියාවේ වෙනත් ස්ථූපවලට වඩා ආකෘතියෙන් වෙනස් ය. ධම්මික හෙවත් ධමෙක් ස්ථූපය නමින් හදුන්වනු ලබන මෙය පිහිටුවා ඇත්තේ තථාගතයන් වහන්සේ අනාත්ම ලක්ඛණ ධර්ම දේශනාව කළ ස්ථානයේය.