1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

මුලගන්ධකුටි විහාරය

1940 දී අනගාරික ධර්මපාලතුමන් විසින් මිළටගත් ඉඩමක බුද්ධගයා විහාරයේ අනුරුවට මෙම විහාරය 1931 දී ඉදිකරන ලදී. එහි තුල සුප්‍රසිද්ධ සාරානාත බුද්ධ ප්‍රතිමාව අනුව නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් වැඩ සිටී. විහාරයේ බිත්තිවල කොසෙථසු නෝසු නම් ජපන් චිත්‍ර ශිල්පියා විසින් අදින ලද සිතුවම් වලින් බුද්ධ චරිතයෙහි වැදගත් සිදුවීම් රුසක් නිරූපණය කරයි. මෙම විහාර මන්දිරය තුල දිනපතා සවස 7.00සිට භික්ෂුන් වහන්සේලා ධම්මචක්ක පවත්තන සුත්‍රය සඡ්ඣායනා කරයි.