1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

අශෝක ස්ථම්භය


ධර්මාශෝක රජතුමා මිගදායෙහි පිහිටුවන ලද ශිලා ස්ථම්භය මෙය නමින් හැදින්වේ. එහි වූ කුළුණු හිස සතර දෙසට මුහුණලා සිටින සිංහරූප සතරකින් හා ධර්මචක්‍ර සටහන්වලින් ද යුක්ත විය. එය දැනට දිල්ලි කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇති අතර එම කුළුණු හිසෙහි පිළිරුව ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වශයෙනුත් ධර්මචක්‍ර රූපය ඉන්දියානු ඡාතික ධජයේ සලකුණ වශයෙන් යොදාගෙන ඇත.

සාරානාත් කෞතුකාගාරයේ සාරානාත් කෞතුගාරයේ සිංහ මුහුණු තුනක් සහිත අශෝක ස්තම්භය ද , ශිලා ලේඛණය ද සුරක්ෂිතව ඇත.  මුල් සාරානාත් බුදුපිළිම වහන්සේත්,  ශිව , පාර්වතී, විෂ්ණු ආදී හින්දු ප්‍රතිමාත් මෙහි තැන්පත් කර තිබේ. බොහොමයක් බෞද්ධ මෙන්ම හින්දු ශිෂ්ඨාචාර නටඹුන් මෙහි දැකිය හැකිය. පැරණි වළං, සත්ව රූප, ආභරණ, පබළු ඇට ආදී බොහෝ දේ සංරක්ෂිතව ඇත. ජෙනරාල් කනිං හැම් තුමා සොයා ගත් පුරා විද්‍යා වස්තු මෙහි තැන්පත් කර ඇත.