1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

කේසාරිය ස්ථූපය

ලොව ලොකුම ස්ථූපය කේසාරිය ලෙසත්, එය ඉන්දියාවේ පුදුම හතෙන් එකක් ලෙසත් සැළකේ. සැවැත්නුවර සිට කිලෝමීටර් 55ක් දුරින් පිහිටියේය. බුදුන් එහිදී කාලාම ගෘහ පත්‍රයනට කාලාම සූත්‍රය දේශනා කළ බව ඉතිහා‍සයේ දැක්වේ.  අඩි 104ක් උසැති කේසරිය ස්ථූපය ඉන්දියාවේ බොරෝ බුදුර් ස්තූපයට වඩා උසයැයි පුරා විද්‍යාඥයෝ කියති.