1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

ආදාහන චෛත්‍යය

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළේ මේ ස්ථානයේ දී ය. එතැන ඉදි කළ මේ මහා ස්තූපයට ආදාහන ස්තූපය යනුවෙන් කියනු ලැබේ.

මකුට බන්දන චෛත්‍යය, අංගාර චෛත්‍ය යනුවෙන් හදුන්වයි. බුදු සිරුර ආදාහනය කිරිමේ දී විශාල ලෙස නොයෙක් සුවද වර්ගයන් යෙදු බැවින් මෙහි පස් සුවදවත් වූ බව අපට සිහිපත් වේ. එහෙත් මෙතන පස් ආදිය ගත නොහැකි ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත. ද්‍රෝන බමුණා ධාතු බෙදුවේද මෙම ස්ථානයේ සිටය. එම සිද්ධිය සිහිවීමට කුඩා චෛත්‍යය 8ක් මෙතන සාදා ඇත.