1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

ආනන්ද බෝධින් වහන්සේ

දෙව්රම් වැඩ සිටින බුදුන් වහන්සේ විහාරයේ නොමැති අවස්ථා වල එහි පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා කිරීම පිණිස ආනන්ද හිමියන්ගේ ඉල්ලීම පිට බුදුන් වහන්සේගේ අනුමැතිය ඇතිව ගයාවේ සිරිමහා බෝධියේ අංකුරයක් දෙව්රම් වෙහෙරේ පැල කරන ලදී. ආනන්ද හිමියන් මුල්ව පැල කළ බැවින් එය ආනන්ද බෝධිය නමින් ප්‍රසිද්ධ විය. එම බෝධීන් වහන්සේ අදත් දෙව්රම වැඩ වෙහෙසෙති. වර්තමානයේ බෝධියේ කඳ දෙපසද දිරා ගොස් ඇති එහි ආරක්ෂාව පිණිස මැටි වැනි ද්‍රව්‍යයක් පුරවා ඇති බව පෙනේ.