1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

විඩූඩභගේ රථය එරුණු තැන


රාජගිර්වලට ඇතුලු වී මද දුරක් ගියවිට මෙම ස්ථානය හමුවේ. කදු බෑවුමක ගල්වැටියක් මැද ඇති ස්ථානයකි. මේ දිගු බෑවුම සහිත ගල්තලයක රථයක රෝද දෙකක් පිහිටන දුර ප්‍රමාණයේ බිම මීටර් 49 ක් පමණ දුරට විහිදුණු කාණු දෙකක් දක්නට ලැබේ.


ශාක්‍යන් සමග යුධ වැද ඔවුන් ඝාතනය කිරීම සඳහා පැමිණෙමින් සිටි විඩූඩභ ඇතුළු පිරිසගේ රථ ගල් තලාව මත එරී යන ලෙස බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරන ලදි.එසැනින් තෙත මඩ සහිත ප්‍රදේශයක් යමක් ගිලී යන්නා සේ එම රථවල රෝද ගල් තලාව මත රථයන් සෙළවිය නොහැකි ලෙස එරී ගියේ ය.


ශාක්‍යයන්ගේ ලේවලින් පුටු හෝදපු විඩූඪභ කුමාරයාගේ කතාව