1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

සම්මුඛ චෛත්‍යය

එදා ඒ පස්වග තවුසන් වහන්සේලා පෙරගමන් කොට භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසුනු ස්ථානයේ
ධර්මාශෝක රජු ස්ථූපයක් ඉදි කරනු ලැබුවා. එම ස්ථූපය හැදින්වෙන්නේ සම්මුඛ චෛත්‍යය යන නමිනුයි. එය පසුකාලීනව මෝගල් වරුන් ගේ ආක්‍රමණ නිසා විනාශ වී ගොස් ආකෘතිය පවා වෙනස් වී තිබෙන නමුත්, අදටත් භාග්‍යවතුන් වහන්සේට පස්වග භික්ෂූන් මුණ ගැසුනු ඒ උතුම් ස්ථානය හදුනා ගැනීම පිණිස මෙම සෑය උපකාර වනවා. වරණාසි උත්තර ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි. බුද්ධගයාවේ (බිහාර ප්‍රාන්තයේ) සිට වරණාසි දක්වා කිලෝ මීටර් 247ක් දුර බුදුන් වහන්සේ පාගමණින් පස්වග මහණුන් හමුවීම සඳහා වැඩම කර ඇත.
සම්මුඛ චෛත්‍යය – බරණැස් නුවර සම්මුඛ චෛත්‍යය හෙවත් චෞකණ්ඩි චෛත්‍යය නම් මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බරණැස පුරවරයේ පිහිටා ඇත. මෙම චෛත්‍යය ‘චෞකණ්ඩි’නම් රජකු විසින් කරවන ලදැයි ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේට පස්වග තවුසන් මුණගැසුණ ස්ථානයේ මෙය ඉදිකළ නිසා මෙය ‘සම්මුඛ චෛත්‍යය’ යැයි නම් කර ඇත. මෙම චෛත්‍යය මුදුන, අටපට්ටම් හැඩයෙන් යුක්ත ය. එම කොටස කරවන ලද්දේ ගුප්ත වංශික රජකු වූ චන්ද්‍ර ගුප්ත විසින් යැයි මතයක් ඇත. එහි මුදුනේ විශාල වලක් ඇති අතර එය දැලකින් ආවරණය කර ඇත. මෝගල් ආක්‍රමණිකයන් විසින් මෙම වලේ තිබුණු නිදන් වස්තු පැහැරගත් බව කියැවෙයි. මෙහි මුදුනට නැගීමට පියගැට පෙළක් ද තනවා ඇත.  අන්‍ය ආගමිකයන් මෙන්ම සමහර ලාංකික වන්දනා නඩ මෙහෙයවන්නන්ගේ මෙහෙයවීම අනුව මෙම චෛත්‍යයට සමහර අය නගින බව කියවුනා. සම්මා සම්බුදු පහස ලැබූ මෙවන් පුද බිම් වැදීමේදී ඔබ නුවනින් කල්පනා කර බලා කටයුතු කරන්න. ධාතූ නිදන්කල ස්ථාන පෑගීම බෞද්ධ අපිට සුදුසු නොවේ. ඔබ කිසි දිනෙක එය නොකරන්නට වග බලා ගන්න.