1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

නව මූලගන්ධ කුටි විහාරය


ImageImage
මහා බෝධි සමාගමේ සමාරම්භක බෝධිසත්ව ගුනෝපේත අනගාරික ධර්මපාල තුමාගේ ජීවිත ගමනේ සැබෑවූ සිහිනය නව මූලගන්ධ කුටි විහාරය යි. පුරා විද්‍යා කැනීම් වලින් මතු කරගත් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට මේ විහාරය සාදවන ලදී. 1931 නොවැම්බර් 11 දා සාදා නිමකර කාර්තික් පූර්ණිමා දිනයේදී විවෘත කරන ලදී. සෑම වසරකම අලි ඇතුන් සහිත පෙරහැරකින් වීදි සංචාරය කර යලි පෙර සේම තිබුන ලෙස ධාතු කරඬුව තැන්පත් කරනු ලැබේ. මේ ධාතු කරඬුව ඉතාම ආරක්ෂා සහිතව තබා ඇත. එය විවෘත කිරීමට ඉන්දීය මහා බෝධී සමාගමේ ලේකම්  හිමියන් ගේත්, භාණ්ඩාගාරික තුමාගේත්, සාරානාථ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හිමියන් ගේත් සහාභාගිත්වය අනිවාර්‍යය වේ. සාරානාථ මහා බෝධි සමාගමේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා සෑම දවසකම නොවරදවාම සන්ධ්‍යා කාලයේ 7.00 ට මූලගන්ධ කුටි විහාරයේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශණා කරනු ලැබේ. මේ අසිරිමත් දේශනාව ට ඔබ සවන් දෙන්න. එය ඔබට මේ ජීවිතයේ ලැබෙන භාග්‍යම සම්පන්න මොහොතක් වනු ඇත. සියළු දෙනා එකම හඬින් දම්සක් සූත්‍රය කියන විට ලැබෙන සැනසුම! සිත සිතා ප්‍රීතී වෙමි.