1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

අංගුලිමාල මහ රහතන් වහන්සේ වැඩ සිටි කුටිය


අවවාද ප්‍රාර්ථනා කරන භික්ෂූන් අතරින් අගතැන් පත් රහතන් වහන්සේ


රාහුල පුංචි කුමාරයා දායාද ඉල්ලාගෙන ඇවිත් මහණ වුණාට පසුව බුදුහිමියන් සමඟ වැඩ සිටිය කුටිය තමයි මේ. මෙහේදී අවවාද ප්‍රාර්ථනා කරන භික්ෂූන් අතරින් අගතැන් පත් රහතන් වහන්සේ ලෙස අසූ මහා ශ්‍රාවක සංඝයා අතරට එක් විය.

මහා ප්‍රජාපතී මහ රහත් තෙරණියගේ ධාතු නිදන් කල චෛත්‍යය...


කේසාරිය ස්ථූපය

ලොව ලොකුම ස්ථූපය කේසාරිය ලෙසත්, එය ඉන්දියාවේ පුදුම හතෙන් එකක් ලෙසත් සැළකේ. සැවැත්නුවර සිට කිලෝමීටර් 55ක් දුරින් පිහිටියේය. බුදුන් එහිදී කාලාම ගෘහ පත්‍රයනට කාලාම සූත්‍රය දේශනා කළ බව ඉතිහා‍සයේ දැක්වේ.  අඩි 104ක් උසැති කේසරිය ස්ථූපය ඉන්දියාවේ බොරෝ බුදුර් ස්තූපයට වඩා උසයැයි පුරා විද්‍යාඥයෝ කියති.

අශෝක ස්ථම්භය


ධර්මාශෝක රජතුමා මිගදායෙහි පිහිටුවන ලද ශිලා ස්ථම්භය මෙය නමින් හැදින්වේ. එහි වූ කුළුණු හිස සතර දෙසට මුහුණලා සිටින සිංහරූප සතරකින් හා ධර්මචක්‍ර සටහන්වලින් ද යුක්ත විය. එය දැනට දිල්ලි කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇති අතර එම කුළුණු හිසෙහි පිළිරුව ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වශයෙනුත් ධර්මචක්‍ර රූපය ඉන්දියානු ඡාතික ධජයේ සලකුණ වශයෙන් යොදාගෙන ඇත.

සාරානාත් කෞතුකාගාරයේ සාරානාත් කෞතුගාරයේ සිංහ මුහුණු තුනක් සහිත අශෝක ස්තම්භය ද , ශිලා ලේඛණය ද සුරක්ෂිතව ඇත.  මුල් සාරානාත් බුදුපිළිම වහන්සේත්,  ශිව , පාර්වතී, විෂ්ණු ආදී හින්දු ප්‍රතිමාත් මෙහි තැන්පත් කර තිබේ. බොහොමයක් බෞද්ධ මෙන්ම හින්දු ශිෂ්ඨාචාර නටඹුන් මෙහි දැකිය හැකිය. පැරණි වළං, සත්ව රූප, ආභරණ, පබළු ඇට ආදී බොහෝ දේ සංරක්ෂිතව ඇත. ජෙනරාල් කනිං හැම් තුමා සොයා ගත් පුරා විද්‍යා වස්තු මෙහි තැන්පත් කර ඇත. 

මුලගන්ධකුටි විහාරය

1940 දී අනගාරික ධර්මපාලතුමන් විසින් මිළටගත් ඉඩමක බුද්ධගයා විහාරයේ අනුරුවට මෙම විහාරය 1931 දී ඉදිකරන ලදී. එහි තුල සුප්‍රසිද්ධ සාරානාත බුද්ධ ප්‍රතිමාව අනුව නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් වැඩ සිටී. විහාරයේ බිත්තිවල කොසෙථසු නෝසු නම් ජපන් චිත්‍ර ශිල්පියා විසින් අදින ලද සිතුවම් වලින් බුද්ධ චරිතයෙහි වැදගත් සිදුවීම් රුසක් නිරූපණය කරයි. මෙම විහාර මන්දිරය තුල දිනපතා සවස 7.00සිට භික්ෂුන් වහන්සේලා ධම්මචක්ක පවත්තන සුත්‍රය සඡ්ඣායනා කරයි.

ධම්ම රාජික ස්තූපය සහ ධම්මික ස්තූපය

එදා ඇසළ පුර පසළොස්වක පොහෝ දා ය. ඉසිපතනයේ මිගදායෙහි දී එදින සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට දම්සක් පැවතුම් සූත්රසය දේශනා කළ සේක. ඒ උන්වහන්සේ ගේ පළමු ධර්ම දේශනාවයි. දම්සක් පැවතුම් සූත්රස දේශනාව අවසානයේ දී කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය.
ප්‍රථමයෙන් දම්සක් සූත්‍රය පැවැතුවූ ස්ථානය සිහිවීම සඳහා පිහිටුවන ලද චෛත්‍යය ධම්ම රාජික ස්තූපයයි.

ප්‍රථමයෙන් දම්සක් සූත්‍රය පැවැතුවූ ස්ථානය සිහිවීම සඳහා පිහිටුවන ලද චෛත්‍යය ධම්ම රාජික ස්තූපයයි.
සෝවාන්  වූ කොණ්ඩඤ්ඤ තවුසා බුදුරජාණන් වහන්සේ  වෙත පැවිදි වීමට අවසර  ඉල්ලුවේ ය. ඒ ඉල්ලීම ඉටු විය. අනතුරුව දෙසූ දහම් අසා වප්ප, භද්දිය,මහානාම,අස්සජී යන අනෙකුත් තවුසෝ ද සෝවාන් ව  බුදු සසුනෙහි පැවිදි බව ලැබූ හ. ඉක්බිති ව   බුදුරජාණන් වහන්සේ ඒ තවුසන්ට අනාත්ම ලක්ෂණ සූත්රුය දේශනා කළ සේක. ඒ ධර්මය අසා තවුසෝ පස් දෙනාම රහත් වූ හ. 
අනාත්ම ලක්ඛණ සූත්‍රය දෙසූ ස්ථානයේ ඉඳිකල ධම්මික ස්ථූපය.

මුලගන්ධ කුටි විහාරය ඉදිරියෙහි මදක් ඈතින් අසාමාන්‍ය හැඩයකින් යුක්ත ස්ථුපයක් වෙයි. එය ලංකාවේ හෝ ඉන්දියාවේ වෙනත් ස්ථූපවලට වඩා ආකෘතියෙන් වෙනස් ය. ධම්මික හෙවත් ධමෙක් ස්ථූපය නමින් හදුන්වනු ලබන මෙය පිහිටුවා ඇත්තේ තථාගතයන් වහන්සේ අනාත්ම ලක්ඛණ ධර්ම දේශනාව කළ ස්ථානයේය.

සැවැත් නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු වැඩිම වස්කාල ප්‍රමාණයක් වැඩ සිටිමින් උතුම් වූ ධර්මචක්‍රය ප්‍රවර්ථනය කළ උතුම් සැවැත් නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය